Skip to content
V
දේශබන්දු තෙන්නකෝන් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
featured news - උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි

By News Room · 21 August 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) පස්වරුවේ නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් මෙම නියෝගය නිකුත් කළාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා හෝකන්දර පිහිටි ඔහුගේ නිවසේදී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

2022 වසරේ මැයි 09 වනදා ගාලු මුවදොර අරගල භූමියට පහරදීමේ සිදුවීම වළක්වා ගැනීමට නිසි නියෝග නිකුත් නොකිරීමට අදාළව අත්අඩංගුවට පත්විය.

මෙහිදී තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඒ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයැදුමක් ද ගොනුකර තිබුණි. කෙසේ වෙතත් අදාළ අපේක්ෂිත ඇප අයැදුම ඊයේ පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026