Skip to content
V
දේශබන්දු තෙන්නකෝන් සොයන්න මහජනතාවගෙන් සහය පතයි
featured news - උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් සොයන්න මහජනතාවගෙන් සහය පතයි

By News Room · 6 March 2025

ලැබී ඇති තොරතුරු අනුව දේශබන්දු තෙන්නකෝන් රටින් පිටව ගොස් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා. මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ඔහු රැදී සිටින ස්ථාන පරික්ෂාවට ලක් කළත් නීතියට අනුගත නොවී ඔහු සැඟව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ නියෝගයට අනුකූල නොවුණහොත් ඒ සඳහා ක්‍රියා කරන ආකාරයටම ඔහු සම්බන්ධ දුරකථන පරීක්ෂණ වාර්තා, රැඳී සිටිය හැකි ස්ථාන සියල්ල පරික්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එමෙන්ම කිසියම් හෝ පුද්ගලයෙක් හිටපු පොලිස්පතිතුමන්ට සැඟව සිටීමට ආධාර සපයන්නේ නම් දණ්ඩනීති සංග්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ දඬුවම් කරන බවත් ඔහු පවසා සිටියා.

එමෙන්ම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026