Skip to content
V
දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 3 දක්වා රිමාන්ඩ්

By News Room · 20 March 2025

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.

ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි. අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026