Skip to content
V
දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම
featured news - උණුසුම් පුවත්

දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම

By News Room · 25 March 2025

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙන ඒම සඳහා අවසර ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට භාරවී තිබුණි. එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වෙනි දා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබීය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026