Skip to content
V
දේශබන්දු ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ජනාධිපති වෙත
featured news - උණුසුම් පුවත්

දේශබන්දු ඉවත් කිරීම සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ජනාධිපති වෙත

By News Room · 6 August 2025

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දී සම්මත වූ යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමි නොවීය. එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් එනම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026