Skip to content
V
''දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන්න'’
featured news - උණුසුම් පුවත්

''දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන්න'’

By News Room · 26 September 2024

මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිලිබඳ පූර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසද අගමැතිවරිය දැනුම්දී තිබෙනවා.

අද (26) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර ඇති බවයි අගමැති කාර්යාලය නිවේදනය කළේ.

පාසල් අධ්‍යාපනය සංවර්ධනය කිරීම වත්මන් රජයේ පුමුඛ අරමුණක් බවත් අධ්‍යාපනය සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමටද තීරණය කර ඇති බවයි අග්‍රමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026