Skip to content
V
“දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙටි අවසන්
featured news - උණුසුම් පුවත්

“දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාව හෙටි අවසන්

By News Room · 10 February 2026

ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගැණුනු බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන්ට අද (10), 6වැනි දිනටත් අවස්ථාව උදා වේ.

ගංගාරාමාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළේ, ධාතූන්වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පෝලීම් සඳහා එක්වීම අද රාත්‍රි 10.00න් පසුව අවසන් කෙරෙන බවය.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව සැහැදැවතුන්ට උදාවුණේ පෙබරවාරි 5 වැනිදා සිටය.

ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනා කරගැනීමට කථානායකවරයා, මැතිඇමතිවරුන් , රාජ්‍යතාන්ත්‍රිකයින් ඇතුළු විශාල පිරිසක් ඊයේ (09) දිනයේත් එක්විය.

එමෙන්ම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාමාන කරගැනීමට දිවයිනේ නන්දෙසින් සැදැහැවතුන් ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටී.

ඒ අනුව ධාතූන්වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර මංගුභායි පටෙල් මහතා සහ අරුණචාල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති චෞනා මෙයින් මහතා ඇතුළු පිරිසක් ඊයේ (09) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේය.

කෙසේවෙතත් ධාතූන්වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් වීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026