Skip to content
V
දිවයිනේ සියලු හෙද නිලධාරීන් විරෝධතාවයක
featured news - උණුසුම් පුවත්

දිවයිනේ සියලු හෙද නිලධාරීන් විරෝධතාවයක

By News Room · 27 February 2025

අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පස්වරු 12.00 සිට 1.00 දක්වා දහවල් කෑම පැය තුළ එම විරෝධතාවයේ නිරත වන බව එම සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.

මෙම විරෝධතාවයෙන් රෝහල් කටයුතුවලට බාධා නොවන බව ද නාලක හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. මේ අතර අතීකාල පැය සීමා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ නැගෙනහිර පළාත තුළ පමණක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ සංකේත වැඩවර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර අය වැය මඟින් විදුහල්පතිවරුන් සදහා අපේක්ෂා කළ දීමනා නොලැබීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන බව විදුහල්පති ශ්‍රේණී නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊට විරෝධය පළ කරමින් ඉදිරියේ දී සියලු විදුහල්පති ශ්‍රේණී කොළඹට කැඳවීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පැවසුවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026