Skip to content
V
දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට
featured news - උණුසුම් පුවත්

දිවයින පුරා විදුලිය යථා තත්ත්වයට

By News Room · 9 February 2025

දිවයින පුරා සියලුම ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කළේ සියළුම ග්‍රිඩ් උපපොලවල විදුලි සැපයුම් කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවය.

ස්ථාන කිහිපයක ද්වීතික සැපයුම් මාර්ගවල විදුලි සැපයුමට සුළු බාධා පවතින අතර එම කටයුතු ද කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඒ මහතා සඳහන් කළේය. අද පෙරවරු 11.15ට පමණ පානදුර විදුලි ග්‍රිඩ් උපපොලේ ඇතිවූ තත්ත්වයක් හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳ වැටීමක් සිදුවිය.

අදාළ සිදුවීමත් සමග විදුලිබල පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය විදුලිය බිඳ වැටීමට හේතු වී ඇති බව විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සඳහන් පැවසීය. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය විසින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් අතර ඉරිදා දිනයක් වූ බැවින් විදුලි ඉල්ලුම අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

පස්වරු 2 පමණ වන විට කටුනායක ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරුණු අතර පස්වරු 5 පමණ වන විට විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මෙම විදුලි බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොලට වඳුරෙකු පැනීම හේතුවෙන් සිදුවූ අනතුරක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026