Skip to content
V
දෙවන තරගයත් ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට පරදී
featured news - උණුසුම් පුවත්

දෙවන තරගයත් ශ්‍රී ලංකා කාන්තා පිල අයර්ලන්තයට පරදී

By News Room · 18 August 2024

ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 15ක ජයක් ලබා ගැනීමට අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 240ක් පමණී. ඒ අනුව අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 124කදී ලකුණු 105ක් ලබා ගනිමින් සිය මංගල ශතකය වාර්තා කළා. එමෙන්ම කවීෂා දිල්හාරී ලකුණු 53ක් ද, නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 24ක්ද ලබා ගැනීමට සමත් වූ අතර චමරි අතපත්තු ලකුණු 22ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට අයර්ලන්තය කණ්ඩායම සමත් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026