Skip to content
V
දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති සිය ධුරය අත්හරී
featured news - උණුසුම් පුවත්

දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති සිය ධුරය අත්හරී

By News Room · 18 September 2024

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.

කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ 'ආම් ආද්මී' පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි.

කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. කෙජ්රිවාල් මාස 5 ක් බන්ධනාගාරගතව සිටියේය. එල්ල වන චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. අධිකරණයෙන් ඔහුට ඇප නියම වී ඇත.

මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙමින් කෙජ්රිවාල් පවසා ඇත්තේ මීළඟ ප්‍රාන්ත මැතිවරණයෙන් 'ආම් ආද්මී' පක්ෂයට ජනවරමක් හිමිවුවහොත්, එම ජන වරමට හිස නමමින් තමා යළි දිල්ලි මහ ඇමැති ධුරය බාර ගන්නා බවය. තමන් කිසිදු වරදක් කර නැති නමුත්,තමන්ට ජනතා විශ්වාසය අවශ්‍ය යැයි ඔහු පවසා තිබේ.

පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරය, 'ආම් ආද්මී' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කෙජ්රිවාල්ගේ සමීපතම සගයකු වන අතීෂීට ලබා දී ඇතැයි ද පැවැසෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026