Skip to content
V
දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්
featured news - උණුසුම් පුවත්

දුලිප් සමරවීරට වසර 20ක ක්‍රිකට් තහනමක්

By News Room · 19 September 2024

ක්‍රීඩිකාවක බරපතල විෂමාචාරයක් සිදුකළ බවට චෝදනා ලබා සිටින ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දුලිප් සමරවීරට වසර 20ක කාලයක් සඳහා ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් හා කටයුතු කිරීම තහනම් කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනයේ ‘චර්යාධර්ම කොමිසම’ විසින් 2.23 වගන්තියේ යටතේ විමර්ශන කටයුතු කිරීමෙන් අනතුරුවයි.

දුලිප් සමරවීර ඉන්දීය කාන්තා A කණ්ඩායම සමඟ පැවැත් වීමට නියමිත තරගාවලියේ දී ඕස්ට්‍රෙලියානු කාන්තා A කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව තිබුණත්, මෙම චෝදනා අනාවරණය වීමත් සමග ඔහු ඉන් ඉවත් කෙරුණා.

දුලිප් සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ සහ කාන්තා බිග්ඩෑෂ් ලීග් තරගාවලියේ දී Melbourne Stars කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළා. පසුව ඔහු පසුගිය වසරේ වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසට පත් කෙරුණා.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩක තිලාන් සමරවීරගේ සහෝදරයෙකු වන දුලිප් සමරවීර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කර තිබෙනවා. ඉන් විශ්‍රාම ගැනීමත් සමඟ වසර 10කට අධික කාලයක් ඕස්ට්‍රෙලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026