Skip to content
V
දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවා
featured news - උණුසුම් පුවත්

දීර්ඝ සති අන්තයට විශේෂ ප්‍රවාහන සේවා

By News Room · 13 September 2024

දීර්ඝ සති අන්තයක් එළැඹෙන හෙට (14) සිට (15), (16) හා (17) දිනවලදී ගම්බිම් බලා යන පිරිසට අද (13) සිටම විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වෙනුවෙන් අමතර බස් රථ 60ක් පමණ අමතරව යොදා ඇති බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ. එම බස් රථ අද (13)වැනිදා සිට ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. මේ සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අද (13)රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල - කොළඹ විශේෂ දුම්රිය ධාවනයට යොදා ඇති බවයි.

මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026