Skip to content
V
දුම්වැටි තොගයක් සමඟ කතක් ගුවන්තොටේදී දැලේ
featured news - උණුසුම් පුවත්

දුම්වැටි තොගයක් සමඟ කතක් ගුවන්තොටේදී දැලේ

By News Room · 30 September 2024

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන්  මගී කාන්තාවක් ද සමග අද (30 ) අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති.

ඇය  ජා - ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි, විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවකි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ " ප්ලැටිනම් " වර්ගයේ දුම්වැටි 36,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 184 ක් සගවා ගෙන සිටියදී ,කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026