Skip to content
V
දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට
featured news - උණුසුම් පුවත්

දුම්රිය පරණ යකඩ දේශීය කර්මාන්තවලට

By News Room · 22 October 2024

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂිකව අබලි ලෝහ විශාල ප්‍රමාණයක් එකතු වන අතර දැනට එකතු වී පවතින අබලි ලෝහ තොගය ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් බැහැර කිරීම සඳහා2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

එහෙත් දේශීය කර්මාන්ත කරුවන්ගේ අමුද්‍රව්‍ය හිඟය සඳහා විසඳුමක් ලෙස ඔවුන්ට ද තරඟකාරී පදනම මත මිල ගණන් ඉදිරිපත් කර අබලි ලෝහ ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකි වන පරිදි ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

ඒ අනුව කටයුතු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026