Skip to content
V
දුම්රියෙන් ඇඳවැටී විදෙස් ජාතික කාන්තාවක් රෝහල් ගත කරයි
featured news - උණුසුම් පුවත්

දුම්රියෙන් ඇඳවැටී විදෙස් ජාතික කාන්තාවක් රෝහල් ගත කරයි

By News Room · 9 March 2025

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන්ගත් විදෙස් ජාතික කාන්තාවක් අද (09) උදෑසන ඉදල්ගස්හින්න බිංගෙය අසළ දී දුම්රියෙන් ඇඳවැටී බරපතළ තුවාල ලබා ඇත. ඇය හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර පසුව බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවකි.

අනතුරට පත් කාන්තාව දුම්රියෙන් එළියට හිසදමා ගමන්කර ඇති අතර, එහිදී ඉදල්ගස්හින්න 19 වන බිම්ගෙයි හිස වැදීමෙන් අනතුරුව දුම්රියෙන් වැටී ඇත. ඇගේ හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ඇය දුම්රියෙන්ම රැගෙන විත් 1990 ගිලන් රථ සේවය මඟින් රෝහල්ගත කර තිබේ. අනතුරින් තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026