Skip to content
V
දුම්රියක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

දුම්රියක ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට

By News Room · 10 December 2024

හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටී සිදුවු අනතුරකින් එක් තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම අනතුරින් බරපතළ තුවාල ලැබු තවත් තරුණයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. ‍එලෙස මියගොස් ඇත්තේ, හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයෙකි.

අනතුරින් මරණයට පත්වු තරුණයාගේ මව, පියා හා සොහොයුරන් දෙදෙනා මාස කිහිපයකට පෙර අමෙරිකාවේ පදිංචියට ගොස් ඇති බවත් දිනුක එහි රැගෙන යාමට නොහැකි වී ඇත්තේ ඔහු වෙනුවෙන් සකසා තිබු ලියකියවිලිවල තිබු ගැටලු හේතුවෙන් බවත් එය නිවැරදි විමේන් පසු ඔහුද ඇමරිකා යාමට සුදානමින් සිටි බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලබා මේ වන විට හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පසිඳු තේත්මික ප්‍රනාන්දු 20 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහුද රැකියාවක් සඳහා විදෙස් ගත විමට සුදානමින් අදාළ ලියකියවිලි සකසා අවසන්ව අදාළ වීසා ලැබෙන තුරු ලංකාවේ රැඳි සිට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගයේ අලෝක සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සතියකට පෙර දුම්රිය සංඥා නඩත්තු ඒකකයේ නිලධාරීන් පැමිණ එය සකස් කිරීමට උත්සහ කර තිබුණද එසේ නොමැති වීම හේතුවෙන් රතු පැහැයෙන් පැය 24 පුරාම දැල්වී තිබීමට සකස් කර ගොස් ඇති බව ප්‍රදේශවාසිහූ චෝදනා කරති.

යතුරුපැදිය දුම්රියේ ගැටෙන අවස්ථාවේ දී දුම්රිය ගේට්ටු මුරකරු ලෙස වයෝවෘද්ධ අයෙකු සේවයේ යෙදී සිට ඇති බවත් දුම්රිය පැමිණෙන බව අදාළ අය අනතුරු ඇඟවීම නිසා ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් දෙපස නවතා තිබියදී ඒ කිසිවක් නොබලා පැමිණි වේගයෙන්ම මෙම තරුණයින් දෙදෙනා යතුරුපැදිය දුම්රිය මාර්ගයට ඇතුළු කළ බවත් සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබේ.

අනතුරින් මරණට පත්වු තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) දින හලාවත මහ රෝහලේදී සිදුකිරීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026