Skip to content
V
දෙමෝදරදී ටයිල් ප්‍රවාහනය කළ ලොරියක් පෙරලෙයි
featured news - උණුසුම් පුවත්

දෙමෝදරදී ටයිල් ප්‍රවාහනය කළ ලොරියක් පෙරලෙයි

By News Room · 23 January 2025

බදුල්ල  කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර මංසන්ධියේ දී අද (23) උදෑසන ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් රියදුරු රිය සහයක සුලු තුවාල ලැබු බව ඇල්ල පොලිසිය පවසයි.

කොළඹ සිට බදුල්ල බලා ටයිල් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරිය අද (23) උදෑසන දෙමෝදර මංසන්ධියේ වංගුව අසලදී මෙසේ මාර්ගය හරහා පෙරලී ගොස් ඇත.

අනතුරින් ලොරියේ පටවා තිබූ ටයිල් කැට කැඩී විනාශ වී ඇති අතර ලොරියටද දැඩි ලෙස අලාභහානි වී ඇතැයි පොලිසිය සදහන් කළේය. මේ නිසාවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබිණ.

ලොරියේ පටවා තිබූ ටයිල් කැට මාර්ගය පුරා විසිරී ගොස් ඇති අතර, ටයිල් කැට විසිවී ගොස් දෙමෝදර ස්ප්‍රීංවැලි මාර්ගයේ දෙමෝදර මංසන්ධිය අසල  ත්‍රීරෝද රථ ගාලේ නවතා තිබූ ත්‍රීරෝද රථ වලට වැදී ත්‍රීරෝද රථ කීපයකට අලාභහානි වී ඇති බවත් පොලිසිය පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026