Skip to content
V
දිනේෂ්ට අලුත් සන්ධානයේ සභාපතිකම
featured news - උණුසුම් පුවත්

දිනේෂ්ට අලුත් සන්ධානයේ සභාපතිකම

By News Room · 20 August 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ලබාදීමට තීරණය කර තිබේ.

නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි.නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.ජනපතිට සහාය පළ කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණ වලදී මෙම නව සන්ධානයෙන් තරඟ කිරීමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.ජනපතිට සහාය පළ කිරීමට එන පොදු ජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන්ද මෙම නව සන්ධානය විවෘත බව එම මන්ත්‍රී කණ්ඩායම් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026