Skip to content
V
දිනේෂ් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
featured news - උණුසුම් පුවත්

දිනේෂ් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

By News Room · 23 September 2024

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද ලිපියක් යොමු කරමිනුයි අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වන බව දැනුම්දෙනු ලැබුවා.

9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පසුගිය 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 - 2 ආ වගන්තිය ප්‍රකාරව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි දිනේෂ් ගුණවර්ධන එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉවත්වීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයද අහෝසි වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026