Skip to content
V
දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කරයි
featured news - උණුසුම් පුවත්

දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වැඩි කරයි

By News Room · 14 January 2025

දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා. එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් දෛනිකව නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200ක් බවත් එම ප්‍රමාණය මෙලෙස 2,500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

එමෙන්ම, යම්කිසි අයෙකුට හදිසි අවශ්‍යතාවයක් මත විදේශගත වීම සඳහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටද වෙනම කවුළුවක් ස්ථාපිත කර ඇති බව ඔහු සඳහන් කළා.

එහිදී ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර ඒ සඳහාම වෙන්කළ කමිටුවක් මගින් සලකා බැලීමෙන් අනතුරුව එම පුද්ගලයා සඳහා කඩිනමින් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026