Skip to content
V
දැඩි ශීත කාලගුණය හේතුවෙන් යුරෝපීයන් පීඩාවට
featured news - උණුසුම් පුවත්

දැඩි ශීත කාලගුණය හේතුවෙන් යුරෝපීයන් පීඩාවට

By News Room · 7 January 2026

ප්‍රංශයේ සිට බෝල්කන් රටවල් දක්වා ප්‍රදේශ හිමෙන් හා අයිස්වලින් වැසී ගොස් තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා. ඒ පෙරේදා (05) සිට ආරම්භ වූ ප්‍රචණ්ඩකාරී ආක්ටික් සීතලක් හේතුවෙන්.

මෙම ශීත කාලගුණය හේතුවෙන් යුරෝපය පුරා දැඩි ගමනාගමන අවුල් ජාලාවක් නිර්මාණය වී තිබෙනවා. මෙම මාරාන්තික ශීත කාලගුණය හේතුවෙන් 6 දෙනකු මියගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ. ප්‍රංශයේ රිය අනතුරු පහක් වාර්තා වී ඇති අතර, එයින් තුනක් ලෑන්ඩ්ස්හි කළු අයිස් හේතුවෙන් සිදු වූ අතර අනෙක් දෙදෙනා මියගියේ පැරිසිය අසල ටැක්සි රථයක් මාර්න් ගඟට පෙරළීමෙන්.

මීට අමතරව, හිම කුණාටු මධ්‍යයේ ස්කිපෝල් ගුවන් තොටුපළේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කිරීමටත්, ස්කොට්ලන්තයේ පාසල් වසා දැමීමටත්, විදුලිය ඇනහිටීම්වලටත් මෙම තත්ත්වය හේතු වී ඇති බව සඳහන්.

අද වනවිට තත්ත්වය තවත් නරක අතට හැරෙමින් පවතින අතර, ප්‍රංශය සහ යුරෝපය පුරා මගීන් ගුවන් හා දුම්රිය අවලංගු කිරීම් මෙන්ම මාර්ගවල භයානක තත්ත්වයන්ට මුහුණ දී සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026