Skip to content
V
දැඩි වර්ෂාවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළට
featured news - උණුසුම් පුවත්

දැඩි වර්ෂාවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළට

By News Room · 21 October 2025

මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි පහළ ප්‍රදේශවලට මේ වනවිට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එය තවදුරටත් වලංගු වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග අධ්‍යක්ෂ, ජලවිද්‍යා ආපදා කළමනාකරණ සූරියබණ්ඩාර මහතා සඳහන් කර සිටියේ, මේ වනවිට පවතින දැඩි වර්ෂාව සමඟ වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජලමට්ටම ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව බද්දේගම සහ ඒ අවට බොහෝ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී අතර, වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 172ක් බද්දේගමින් වාර්තා වු බව ද ඒ මහතා පැවසීය.

කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, කිරිඳිඔය ආශ්‍රිත ප්‍රදේශවලට විශාල වර්ෂාපතනයන් ලැබෙමින් පවතින බව ද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ඒ අනුව කැලණි, කළු, ගිං, අත්තනගලු සහ නිල්වලා ගංගා ද්‍රෝණිවල තවදුරටත් වර්ෂාපතනය වැඩිවිය හැකි බවත් එම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව ආපදා තත්ත්වයන් වාර්තා විය හැකි බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසීය. මේ අතර, කිරිඳිඔය සහ ලුණුගම්වෙහෙර ජලාශයට සැලකිය යුතු ප්‍රමාණයක ජලමට්ටම ලැබී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026