Skip to content
V
දිට්වා හානි දත්ත රැස් කරන්න MillenniumIT ESP සහ Microsoft තාක්ෂණික සහාය
featured news - උණුසුම් පුවත්

දිට්වා හානි දත්ත රැස් කරන්න MillenniumIT ESP සහ Microsoft තාක්ෂණික සහාය

By News Room · 11 December 2025

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ව්‍යාපාර, දේපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත රැස් කිරීම සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

එම දත්ත සහ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ සෙසු ආයතන සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට කටයුතු කරන බවද මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා.

එම දත්ත සහ තොරතුරු අදාළ ස්ථානවලට ගොස් වඩාත් නිවැරදිව ලබාගැනීමට කටයුතු කරන බවද, එය කඩිනම් කර ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තාකරණයටද සැලසුම් කර ඇති බවද  සඳහන් කළ සූරියප්පෙරුම මහතා, ඒ සඳහා වන තොරතුරු පද්ධතිය MillenniumIT ESP ආයතනය නොමිලයේම සකස් කර දී ඇති බවත්, ඊට අවශ්‍ය සහාය Microsoft ආයතනයෙන් ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම, Rebuilding Sri Lanka  වැඩසටහන වෙනුවෙන් රටවල් ගණනාවකින් මූල්‍යමය වශයෙන් සහ භාණ්ඩ වශයෙන් ආධාර රැසක් ලබා දී ඇතැයිද තවදුරටත් ආධාර ලැබෙමින් පවතින බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වැඩිදුරටත් ප්‍රක‍ාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026