Skip to content
V
දිගටම කෙරෙන විදුලි මාෆියාව
featured news - උණුසුම් පුවත්

දිගටම කෙරෙන විදුලි මාෆියාව

By News Room · 11 December 2024

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.

එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය.

"පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සම්පූර්ණයෙන් පිරී ඉතිරිලා යන්න තරම් වර්ෂාවක් ලැබුණා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ගල් අඟුරු ඇති තරම් ගෙනල්ලා ගල් අඟුරු ස්ටොක් එකක් තියෙනවා. නමුත් පහුගිය සතියේ විදුලිබල මණ්ඩලයේ දත්තවල තියෙනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුනෙන් දෙකක් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ යන්ත්‍රවලිනුත් එකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොකර අඩු ධාරිතාවයෙන් තමා ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමක් කරලා තියෙනවා. මේ වෙද්දි ජල විදුලි බලාගාරත් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් තිබිය දී නොරොච්චෝලේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් තුළ කාගේ උවමනාවකට ද මේ තෙල් බලාගාරවලින් විදුලිය මිලට ගත්තේ ?"

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026