Skip to content
V
දුක් විඳ ලබාගන්නට සිදුව ඇති විදෙස් ගමන් බලපත්‍ර
featured news - උණුසුම් පුවත්

දුක් විඳ ලබාගන්නට සිදුව ඇති විදෙස් ගමන් බලපත්‍ර

By News Room · 28 August 2024

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිස එහි රැඳී සිටිනු ඊයේ (27) රාත්‍රී කාලයේද දක්නට ලැබුණි. 

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය.

එහා පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සදහා අයදුම් කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවය.

දැනට විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන අදාළ සමාගමෙන් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති අතර එම බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව එම දෙපාර්තමේනතුව සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026