Skip to content
V
දළදා වන්දනාවේ අවසන් දිනය අදයි
featured news - උණුසුම් පුවත්

දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

By News Room · 27 April 2025

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන 'සිරි දළදා වන්දනාව' වේ අවසන් දිනය අදට (27) දිනට යෙදී තිබේ.

ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත.

සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝවාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාවුණේ පසුගිය 18වනදා සිටය. 

ගතවූ දින 09 තුළ සැදැහැවතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට 'සිරි දළදා වන්දනාව' සදහා අවස්ථාව හිමිවූ අතර තවත් විශාල පිරිසක් අද දිනයේ ද දළදා වන්දනාව සදහා පෝලිම්වල රැදී සිටින බවයි වාර්තා වේ.

මේ අතර මහනුවර නගරයේ එක්රැස්වී ඇති කසළ ඉවත් කිරීම ඇතුළු නගරය ආශ්‍රිත පවිත්‍රතා වැඩසටහනක් ආරම්භ කිරීමටද පියවර ගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026