Skip to content
V
දස වසරකට පසු බ්‍රැඩ්බි පළිහේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට
featured news - උණුසුම් පුවත්

දස වසරකට පසු බ්‍රැඩ්බි පළිහේ ජය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට

By News Room · 7 September 2024

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 78 වැනි බ්‍රැඩ්බ පළිහේ දෙවැනි අදියරයේ තරගය අද (07) පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම තරගය දැක බලා ගැනීම සඳහා කොළඹ සිට විශේෂ දුම්රියකින් රාජකීය විද්‍යාලයීය විදුහල්පතිවරයා, ගුරුවරුන්,සිසුන් සහ ආදී ශිෂ්‍යයින් මහනුවර බලා පිටත්ව ගියා.

පළමු අදිරයේ තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් ලබමින් ත්‍රිත්ව ක්‍රීඩකයින් මෙම තරගයට පිවිසි අතර ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 20ට13ක් ලෙස පෙරමුණ ගන්නට රාජකීය ක්‍රීඩකයින් සමත් වුණා.

දෙවැනි අර්ධයේ අවසන් මොහොත තෙක්ම රාජකීය ක්‍රීඩකයින් පෙරමුණ ගෙන සිටියත් එහිදී හිමි වූ දඩුවම් පහර සාර්ථක කරගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 25ට 23ක් ලෙස මෙම තරගයේ ජය හිමි කර ගත්තේ දස වසරකට පසු බ්‍රැඩ්බ් පළිහ සිය දෝතට ගනිමින්.

ඒ අදියර දෙක අවසන් වන විට ලකුණු 42කට 39ක් ලෙස පෙරමුණ ගනිමින්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026