Skip to content
V
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
featured news - උණුසුම් පුවත්

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සජබ සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

By News Room · 16 June 2025

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව,

01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත්

02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක

03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල

04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක

05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි

06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න යන අයගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026