Skip to content
V
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක අනතුරකින් තරුණියක් මරුට
featured news - උණුසුම් පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක අනතුරකින් තරුණියක් මරුට

By News Room · 16 September 2025

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ අද (16) අලුයම් කාලයේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු, පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලටත්, ළමුන් තිදෙනෙකු කළුබෝවිල රෝහලටත් ඇතුළත් කර ඇති අතර හෝමාගම රෝහලට ඇතුළත් කළ එක් කාන්තාවක් මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කළේය. මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර  මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026