Skip to content
V
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැබ් රථයක ගින්නක්
featured news - උණුසුම් පුවත්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැබ් රථයක ගින්නක්

By News Room · 10 September 2024

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද (10) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර්  0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වුණි.

ගින්නෙන් කැබ් රථයට බරපතළ අලාභ සිදුවී ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැත.

කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් දෙදෙනෙක් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථය මෙලෙස හදිසි ගිනිගැනීමකට ලක්ව තිබේ.

කැබ් රථයේ ඉදිරිපස බොනට්ටුව දෙසින් දුමක් හට ගැනීමත් සමගම ඉංජිනේරුවන් දෙදෙනා ඇතුළු රියදුරු කැබ්‍ රථයෙන් පිටතට පැමිණීමත් සමගම ගින්න හටගෙන තිබුණි.

ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලීසිය පැවසීය.

ගින්නෙන් කැබ් රථයට සියයට 75ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇත.

කාර්මික දෝෂයක් ගින්නට හේතු වී ඇතැයි පොලීසිය සැකපළ කරයි.

එම ගින්න හේතුවෙන් කඩුවෙල දෙස සිට මාතර දෙසට ගමන් ගන්නා වාහන විනාඩි 15කට පමණ නතර කිරීමට සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026