Skip to content
V
දකුණු පළාත තුළ අද සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව
featured news - උණුසුම් පුවත්

දකුණු පළාත තුළ අද සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ හැකියාව

By News Room · 20 October 2025

දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.

මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසීය.

දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් එමෙන්ම ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන් අනතුරුව මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව අකුසලතා ක්‍රමවේද හඳුන්වාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම ක්‍රියාවලිය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ රථවාහන දෙපාර්තමේන්තුවද මෙම ක්‍රමවේදය හරහා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026