Skip to content
V
දකුණු කොරියාවේ ගුවන් අනතුරින් 179ක් ජීවිතක්ෂයට ; දෙදෙනෙක් පමණක් දිවි බේරාගනී
featured news - උණුසුම් පුවත්

දකුණු කොරියාවේ ගුවන් අනතුරින් 179ක් ජීවිතක්ෂයට ; දෙදෙනෙක් පමණක් දිවි බේරාගනී

By News Room · 29 December 2024

දකුණු කොරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගත් කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා ඇරෙන්නට අනෙක් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට බලධාරීන් අනුමාණ කර තිබේ. එමෙන්ම මේ වනවිට මියගිය පුද්ගලයින් 177 දෙනෙකු අනතුරින් මියගොස් ඇති බව තහවුරු කර ඇත. යානය අනතුරට ලක්වන අවස්ථාවේ මගීන් 175 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු එහි සිට තිබුණි.

මියගිය පිරිස අතරින් මේ වන විට කාන්තා සිරුරු 84 ක්, පිරිමි සිරුරු 82 ක් සහ ක්ෂණිකව හඳුනාගත නොහැකි තවත් 11 දෙනෙකුගේ සිරුරු සෙයාගෙන ඇත. අනතුරින් මියගිය පුද්ගලයින්ගෙන් පස්දෙනෙකු වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව වාර්තා වේ. බලධාරීන් පවසන පරිදි, ලාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර වැඩිමහල් පුද්ගලයා 78 හැවිරිදි බව සඳහන් වේ. යානය අනතුරට ලක්වූ ස්ථානය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුකෙරෙන අතර එම කටයුතු සඳහා 1,500කට අධික සේවකයින් පිරිසක් එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිලන්තයේ බැංකොක් නුවර සිට දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළ බලා ගමන් කරමින් තිබූ ජේජු ගුවන්සේවයට අයත් අදාළ යානය ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව තිබුණි.

අයහපත් කාලගුණ තත්ත්වය  හා යානයේ කුරුල්ලන් ගැටීම හේතුවෙන් එය ගොඩබස්වන විට රෝද ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ධාවන පථයේ ඇදී ගිය යානය තාප්පයක ගැටී ගිනිගන්නා ආකාරය වීඩියෝ දර්ශනවල දැක්වුණි. යානයේ කළු පෙට්ටියේ පියාසර දත්ත සහ නියමු කුටියේ හඬ පටිගත කිරීම් ලබාගෙන ඇති අතර මේ වන විට විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026