Skip to content
V
දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට
featured news - උණුසුම් පුවත්

දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

By News Room · 29 October 2025

දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය වන Grand Order of Mugunghwa අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා. ඒ කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්න වෙනුවෙන්. දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට අනුව, මෙම සම්මානය ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්.

මෙම සම්මානය, රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර ඇති කොරියාවේ ඉහළම ගෞරවයයි.

එය දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් ට්‍රම්ප්ට පිරිනැමුවා. මෙම කීර්තිමත් සම්මානය පිරිනැමීම සිදුවූයේ ට්‍රම්ප් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවටසහභාගී වෙමින් සිටියදී ග්යොන්ග්ජුහිදීයි.

මෙම පිරිනැමීමේ අරමුණ වූයේ කොරියානු අර්ධද්වීපයේ සාමය ඉදිරියට ගෙන යාමේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගැනීම සහ කලාපයේ ‘සාමය ඇති කරන්නෙකු’ ලෙස ඔහුගේ කාර්යභාරය දිරිමත් කිරීමට බවයි එරට වාර්තා පවසන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ සලකුණත් ලෙස, ලී ජනාධිපතිවරයා ට්‍රම්ප්ට පුරාණ කොරියානු කිරුළක අනුරුවක් ද පිරිනැමුවා.

මෙම අනුරුව, සිල්ලා යුගයට අයත් චියොන්මචොන්ග්හි රන් කිරුළේ විශේෂයෙන් රන් ආලේපිත අනුරුවක් ඔහුට පිරිනැමීමට කටයුතු කර තිබුණා. එය කොරියාවේ ඉතිරිව ඇති පුරාණ කිරුළ අතරින් උසම, පළලම සහ වඩාත්ම අලංකාර ලෙස සැලකෙන කෞතුක වස්තුවක්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026