Skip to content
V
දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු අදින් අවසන්
featured news - උණුසුම් පුවත්

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු අදින් අවසන්

By News Room · 15 July 2026

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදු කෙරුණු කිලෝමීටර් 27.7ක දිගින් යුතු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) අවසන් කෙරුණි. මහවැලි මහ සැලැස්මේ අවසන් අදියර යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අවසානයේදී උතුරු මැද සහ උතුරු පළාත්වල පානීය, කෘෂි ඇතුළු ජල අවශ්‍යතා සපුරාලීමට නියමිතය. 1968 වසරේ ගෙන ආ මහවැලි මහ සැලැස්මේ ව්‍යාපෘති පසුව 1977 වසරේදී කඩිනම් මහවැලි වැඩසටහන යටතේ වඩා පුළුල්ව සහ වේගවත්ව ක්‍රියාත්මක කරන ලදී. එහි අවසන් අදියරේ එක් ව්‍යාපෘතියක් වූයේ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කැණීම් සිදුකෙරුණු දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගය.

මෙහි කැනීම් සඳහා TBM යන්ත්‍ර දෙකක් යොදා ගැනුණු අතර පළමු කොටස 2022 වසරේදී අනුරාධපුර- පලුගස්වැව-මහමීගස්වැව ප්‍රදේශයෙන් ද, දෙවන කොටස 2023 වසරේදී පොළොන්නරුව-ඇලහැර-කොදුරුවාවෙන් කැනීම් ආරම්භ කළේය. එහි කැනීම් කටයුතු අද නිල වශයෙන් අවසන් කෙරුණු අතර එය සැමරීමේ උත්සවය පෙරවරුවේ අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී පැවැත්විය.

කිලෝමීටර් 27.7ක දිගින් යුත් මෙම වාරිමාර්ග උමග ඔස්සේ උතුරේ හෙක්ටයාර 74,000ක වගාබිම් පෝෂණය කිරීමට වාරි ජලය රැගෙන යාම සිදු කෙරේ. ඒ අනුව සමස්ත වියළි කලාපීය ප්‍රජාවටම පීඩා විඳි පානීය ජල ගැටලුවටද මෙමඟින් සාර්ථක විසඳුම් වෙයි. එමගින් මිලියන 1.5ක ජනතාවගේ ජල අවශ්‍යතාව සපිරෙන අතර, රජරට ප්‍රජාව පීඩාවිඳි හඳුනා නොගත් වකුගඩු රෝගයට පිළියමක්ද මෙමඟින් ලැබෙනු ඇත. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026