Skip to content
V
දකුණු අප්‍රිකාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට
featured news - උණුසුම් පුවත්

දකුණු අප්‍රිකාව එක්දින කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයට

By News Room · 30 October 2025

එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 125කින් පරාජය කර එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (29) සමත් විය.

ගුවහාතිහිදී පැවති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමි වූ ලකුණු 320ක ඉලක්කයට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 42.3කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණි. මෙය වසර 52ක (1973 වසරේ සිට) ඉතිහාසයක් ඇති එක්දින කාන්තා ලෝක කුසලාන තරගබිමේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව වේ.

ඒ අනුව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම්වලින් පසු අවසන් මහා තරගයක් ක්‍රීඩාකරන රට බවට ඔවුන් පත්විය. දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මීට පෙර අවස්ථා දෙකකදී අවසන් පූර්ව වටයේ දී එංගලන්තය සමගින් ක්‍රීඩාකර තිබූ අතර, ඒ අවස්ථා දෙකේදීම ඔවුන් පරාජය විය.

එමෙන්ම සමස්තයක් ලෙස දකුණු අප්‍රිකානු පිරිමි හෝ කාන්තා කණ්ඩායමක් එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ. ඔවුන් (කාන්තා/පිරිමි) අවස්ථා 09කදී එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගය ක්‍රීඩාකර ඇති වුවත්, අද ලැබූ ජය හැරෙන්න අවස්ථා 07කදීම පරාජය විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026