Skip to content
V
තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්
featured news - උණුසුම් පුවත්

තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස කමිඳු මෙන්ඩිස්ගෙන්

By News Room · 27 September 2024

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

අද තරගයේදී සිය ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වුණා. එය වාර්තා පොත් අතරට එක්වන්නේ ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සහ 1949 වසරට පසුව වාර්තා වූ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස ලෙසයි. ඒ අනුව කමිඳු ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ වේගවත්ම ටෙස්ට් ලකුණු දහසේ සටහනේ තෙවැනි ස්ථානය බෙදාගන්නා බවයි වාර්තා වන්නේ. මෙම ටෙස්ට් ලකුණු දහස සඳහා කමිඳුට තරග 8 කදී ඉනිම් 13 ක් වැයවූ අතර, එහිදී කමිඳු ශතක 05 ක් සහ අර්ධ ශතක 04 ක් ලබා සිටිනවා. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026