Skip to content
V
තාවකාලිකව නවතා තිබූ කටාර් එයාර්වේස් ගුවන් ගමන් යළි ආරම්භයි
featured news - උණුසුම් පුවත්

තාවකාලිකව නවතා තිබූ කටාර් එයාර්වේස් ගුවන් ගමන් යළි ආරම්භයි

By News Room · 24 June 2025

තාවකාලිකව අත්හිටුවා තිබූ කටාර් එයාර්වේස් සමාගමේ ගුවන් ගමන් යළි ආරම්භ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කටාර් රාජ්‍යයේ ගුවන් අවකාශය යළි විවෘත කිරීමත් සමඟ කටාර් එයාර්වේස් සමාගම මෙම තීරණය ගැනීමත් සමගය.

කටාර් එයාර්වේස් ගුවන් සමාගම X පණිවුඩයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, ගුවන් මගීන්ට නැවත නිවෙස් බලා යාමට හෝ ඔවුන්ගේ ඉදිරි ගමන ආරක්ෂිතව හා සුමටව ළඟා කර ගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවය.

ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කරන විට ගුවන් මගීන්ට සහාය වීම සඳහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අමතර කාර්ය මණ්ඩලයක් යොදවා ඇති බව කටාර් එයාර්වේස් ගුවන් සමාගම පවසයි.

මේ අතර ගුවන් මගීන්ට ගමන් කිරීමට පෙර කරුණාකර http://qatarairways.com වෙබ් අඩවිය පරීක්ෂා කරන ලෙස කටාර් එයාර්වේස් සමාගම ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026