Skip to content
V
ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තිබූ අභිරහස් යානයක් සොයා ගනී
featured news - උණුසුම් පුවත්

ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තිබූ අභිරහස් යානයක් සොයා ගනී

By News Room · 26 December 2024

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබේ.  ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පවසා සිටියේ, මෙය ටාගට් ඩ්‍රෝන් වර්ගයේ යානයක් බවයි.

මෙවැනි වර්ගයේ යානයක් මීට පෙර 2020 වසරේදී හමු වූ බවත් හෙතෙම පැවසීය. කිලෝ 40ක් පමණ බරකින් යුත් මෙවැනි යානා ඉන්දියානු ගුවන් හමුදාව පුහුණු සැසිවල ඉලක්ක ලෙස භාවිත කරන බව එවර සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. කෙසේ නමුත් මෙවර සොයාගත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ කණ්ඩායමකන් පත්කර තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, මෙම යානය හානි දායක නොවන බවත්, පුපුරණ ද්‍රව්‍ය කිසිවක් හමු වී නොමැති බවත්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026