Skip to content
V
ත්‍රිකුණාමල මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය නැවත භාරදෙන්න සූදානමක්
featured news - උණුසුම් පුවත්

ත්‍රිකුණාමල මුහුදෙන් හමුවූ ඩ්‍රෝන යානය නැවත භාරදෙන්න සූදානමක්

By News Room · 2 January 2025

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී හමු වූ ඉන්දීය සමාගමකට අයත් ඩ්‍රෝන යානයෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව හෙළි වී තිබේ. ඒ සම්බන්ධයෙන් සේවීම සඳහා පත්කළ කමිටුව විසින් සිදුකළ අවසන් වාර්තාව ගුවන් හමුදාපති වෙත භාර දී ඇත.

එම වාර්තාවෙන් පවසා ඇත්තේ මෙම ඩ්‍රෝන යානයෙන් ලංකාවට කිසිදු බලපෑමක් ඇති ව නොමැති බවය. එමෙන්ම මෙම ඩ්‍රෝන යානය,  ඉන්දීය සමාගමකට අයත් එකක් බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ⁣එමෙන්ම මෙය  පුහුණුවීම් සඳහා යොදාගත් එකක් බව අනාවරණය වී ඇත. පසුගිය 27 වනදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ තිබී මෙම ඩ්‍රෝන යානය ධීවරයින් පිරිසකට හමුව තිබුණි. මෙම යානය සති දෙකකට ආසන්න කාලයක් මුහුදේ තිබී ඇති බවද එම වාර්තාව මගන් පෙන්වා දී ඇති අතර එය නැවතත් ආදාළ සමාගමට භාරදීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026