Skip to content
V
ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්
featured news - උණුසුම් පුවත්

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ භූ කම්පනයක්

By News Room · 18 September 2025

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබේ. ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තාවී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ භූ කම්පනය වාර්තාවී ඇත්තේ අද (18) සවස 4:06ට පමණ බවය.

මෙම භූ කම්පනය මෙරට සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇති බවද එම කාර්යාංශය සඳහන් කළේය. මහකනදරාව, හක්මණ, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවිකර තිබේ. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බවය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026