Skip to content
V
තායිලන්ත මහ මැතිවරණයෙන් අනුටින් චාර්න්විරාකුල්ට ජය
featured news - උණුසුම් පුවත්

තායිලන්ත මහ මැතිවරණයෙන් අනුටින් චාර්න්විරාකුල්ට ජය

By News Room · 9 February 2026

ඊයේ (08) පැවැති තායිලන්ත මහ මැතිවරණයෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය අනුටින් චාර්න්විරාකුල්ගේ (Anutin Chavirakul) පාලක 'භූම්ජයිතායි' (Bhumjaithai) පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ආසන 500කින් සමන්විත තායිලන්ත පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනෙකුත් ප්‍රධාන පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව වන්නේ භූම්ජයිතායි පක්ෂය (පාලක): ආසන 192ක් ද, පීපල්ස් පාටි (People's Party): ආසන 117ක් ද පියු තායි පක්ෂය (Pheu Thai): ආසන 74ක් ලෙසයි.

සිය පක්ෂයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය අනුටින් චාර්න්විරාකුල් සඳහන් කළේ, "මෙම ජයග්‍රහණය අපේ පක්ෂයට ඡන්දය දුන් හෝ නොදුන් සියලුම තායි ජනතාවගේ ජයග්‍රහණයක්" බවයි. උපරිම ශක්තියෙන් ජනතාවට සේවය කිරීමට තම රජය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026