Skip to content
V
තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි
featured news - උණුසුම් පුවත්

තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි

By News Room · 27 December 2025

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ.

තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍ය නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බවය. දෙරටේ දේශසීමා අතර පසුගය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ පුද්ගලයින් 101ක් පමණ මියගොස් දෙපාර්ශ්වයේම මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන් වූහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026