Skip to content
V
තායිලන්තයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට; 80කට තුවාල
featured news - උණුසුම් පුවත්

තායිලන්තයේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට; 80කට තුවාල

By News Room · 14 January 2026

තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් මතට ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිතා කරන දැවැන්ත ක්‍රේන් යන්ත්‍රයක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව, තවත් 80 ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද උදෑසන බැංකොක් අගනුවර සිට කිලෝමීටර් 230 ක් ඊසාන දෙසින් පිහිටි Nakhon Ratchasima පළාතේ සික්හියෝ දිස්ත්‍රික්කයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට ලක් වන අවස්ථාවේදී දුම්රිය බැංකොක් නුවර සිට Ubon Ratchathani බලා ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

අධිවේගී දුම්රිය මාර්ගයක ඉදිකිරීම් කටයුතු සිදු වන ස්ථානයක් යටින් දුම්රිය ගමන් කරමින් සිටියදී, ඉහළින් තිබූ ක්‍රේන් යන්ත්‍රය දුම්රිය මතට කඩා වැටී ඇති අතර, එයත් සමඟ ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026