Skip to content
V
තේ පොහොර සහනාධාරය ක්‍රියාත්මකයි
featured news - උණුසුම් පුවත්

තේ පොහොර සහනාධාරය ක්‍රියාත්මකයි

By News Room · 26 August 2024

තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාර වැඩ සටහන ඉකුත්  සතියේ සිට ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යාංශය කියයි.

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පොහොර වර්ග 5ක මිල ගණන් මේ යටතේ රුපියල් 4000කින් අඩු කිරීමට පියවර ගෙන ඇතැයි කී කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ නිෂ්පාදනය වැඩි කිරීමට නම් සියලුම තේ වගාවන්ට පොහොර යෙදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

රාජ්‍ය පොහොර සමාගම මේ වනවිට තේ වගාව සඳහා යොදා ගන්නා  T 200, T 750, U 709, U 834, T 65 යන පොහොර වර්ග පහේ  මිල ගණන් අඩු කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026