Skip to content
V
තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි
featured news - උණුසුම් පුවත්

තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

By News Room · 14 November 2024

2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) සවස 4ට අවසන් විය.

මේ අතර තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.මෙවර තැපැල් ඡන්ද භාවිතය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණි.  ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 80,000ක් පමණ වේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026