Skip to content
V
'තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කරනවා' - සුගත් තිලකරත්න
featured news - උණුසුම් පුවත්

'තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කරනවා' - සුගත් තිලකරත්න

By News Room · 18 March 2025

ක්‍රීඩකයින්ගේ අසාමාත්‍ය දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කිරීමට සිදුවෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න මහතා පැවසීය. අද (18) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

"අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් වෙලාවට පුරුදුවෙලා තියෙනවා තහනම් උත්තේජය භාවිතයෙන් ක්‍රීඩාවේ ජයග්‍රහණ කරා යන්න. තහනම් උත්තේජක මර්දන ආයතනය මගින් අපි මේ ගැන විශේෂයෙන් කටයුතු කරනවා."

"විශේෂයෙන් පාසල් ක්‍රීඩා මට්ටම තුළත් තහනම් උත්තේජක භාවිතය සීඝ්‍ර ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මේ සඳහාත් මැදිහත්ව කටයුතු කරනවා. තහනම් උත්තේජක මර්දන ඒකකය හරහා ක්‍රීඩකයින් අනිවාර්යයෙන්ම පරීක්ෂණ සඳහා යොමු කරනවා. මුත්‍රා සාම්පල විතරක් නෙමෙයි දැන් රුධිරය තුළිනුත් මේ පරීක්ෂණ කරන්න පුළුවන්."

"අපි මෙම පරීක්ෂණ සඳහා වැඩි අවධානයක් නොඳුන්නොත් ඉදිරියේදී අපේ රටේ ක්‍රීඩා අභිමානය අහිමි වෙයි. ක්‍රීඩකයින්ගේ අනාගතයත් නැති වෙයි."

"ක්‍රීඩකයින්ගේ අසාමාන්‍ය දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක භාවිතය ගැන දැඩි තීරණය ගන්න වෙලා තිබෙනවා."

"අපේ පුහුණුකරුවන්ගේ දැනුමත් මදි. ඒ නිසා විදේශ පුහුණුකරුවන්ගේ දැනුම අපේ පුහුණුකරුවන්ට ලබාදෙන්න අපි කටයුතු කරනවා."

"පාසල් මට්ටමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවතියත් ඔවුන් ජාතික මට්ටමට එද්දී ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතා නැතිවෙලා යනවා. ඒකට හේතුව පුහුණුවීම්වල තිබෙන දුර්වලතා." 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026