Skip to content
V
තවමත් රජයට භාර නොදුන් ආර් සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවස
featured news - උණුසුම් පුවත්

තවමත් රජයට භාර නොදුන් ආර් සම්පන්දන්ට ලබා දී තිබූ නිල නිවස

By News Room · 3 October 2024

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නැතැයි වාර්තා වේ.

මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි. මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම නිල නිවස නැවත රජයට ලබා ගැනීම සඳහා අමාත්‍යාංශය පසුගියදා එවකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කැබිනට් පත්‍රිකාව බාර දුන්නද ආණ්ඩුව වෙනස්වීමත් සමඟ තැබිනට් අනුමැතිය ලබා ගැනීම නතර වූ බව දැනගන්නට ඇත.

එම පත්‍රිකාව නව අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට භාරදීමට කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සම්බන්ධන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමි විය.

අනතුරුව 2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධූරයට පත්වුවද සම්පන්දන් මහතාට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබා දුන්නේය.

අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව 2019 වර්ෂයේ පෙබරවාරි 26 ගත් තීරණයක් අනුව සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබිණ

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවත්, මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන සේවකයින්ට වැටුප් ලබාදෙන්නේ රජයෙන් බවත් වාර්තා වේ.

එම නිවසේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් 2017 වසරේ රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක මුදලක් ද වැයකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

සම්පන්දන් මහතාට විපක්ෂ නායක ධූරය අහිමි වීමෙන් පසුව ඔහු මිය යන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026