Skip to content
V
තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ලෙන් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ලෙන් හමුවෙයි

By News Room · 13 November 2024

රුපියල් කෝටි තුනහමාරක් පමණ වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් පොලිස් භාරයට ගෙන තිබේ. එහිදී එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසක සැක කටයුතු වාහනයක් සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විතාරන්දෙනිය ප්‍රදේශයේ අදාළ නිවසට ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම රථය සොයාගෙන තිබේ.

එම රථයේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි කිසිවක් වත්මන් අයිතිකරු සන්තකයේ තිබී නොමැත. එහි අයිතිකරු ලෙස සැලකෙන ඇඹිලිපිටිය පල්ලේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් මාතර පොලීසියට බාරවී තිබේ. පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුව වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ වන විට මෝටර් රථය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත අතර මෙම රථයේ වත්මන් හිමිකරු මෙම ජිප් රථය මිලදීගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් බව සඳහන් ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026