Skip to content
V
තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

තවත් රටවල් කීපයකට සුනාමි අනතුරු ඇඟවීම්

By News Room · 30 July 2025

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.

මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂිතය. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ රික්ටර් මාපකයේ ඒකක 8.8ක ප්‍රබලත්වයෙන් යුතු කම්චැට්කා භූකම්පනය, ඉතිහාසයට එක්වන්නේ ලොව එතෙක් මෙතෙක් බලපෑ හයවැනියට ප්‍රබලතම භූකම්පනය ලෙසය.

භූකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමි රළක් ද ඇති වුණි.

මේ අතර ජපානයට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලාගාරයේ අධීක්ෂණ කටයුතු සිදුකරන එරට රජයට අයත් ටෝකියෝ විදුලිබල සමාගම හෙවත් ටෙප්පෝ සමාගම ප්‍රකාශ කර ඇත්තේ, සියලු කාර්ය මණ්ඩලය මේ වනවිට ඉන් ඉවත්කර ඇති බවය.

එමෙන්ම බලාගාරය තුළ කිසිදු අසාමාන්‍ය තත්ත්වයක් නොමැති බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ. 2011 වසරේ ඇති වූ භූමිකම්පාව නිසාවෙන් ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි බලපෑම් එල්ල විය.

මේ අතර, ටෝකියෝවට උතුරින් පිහිටි ෆැසිපික් වෙරළ තීරයේ සෙන්ඩායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ධාවනය පථය වසා දැමීමට තීරණය කිරීමත් සමග ප්‍රවාහන කටයුතු අඬාල වෙමින් පවතින බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026